තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරමැදිරියේ සිටි සැකකරු පොලීසියේ ජනේලයෙන් පැනලා

    සිරමැදිරියේ සිටි සැකකරු පොලීසියේ ජනේලයෙන් පැනලා

    ගංජා සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රදවා සිටි සැකකරුවකු පළායාමක් සම්බන්ධයෙන් යාපනය පොලීසියේ සේවයේ නිරත සැරයන්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට යාපනය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද (14) පියවර ගත්තේය.

    මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පළාගොස් ඇත්තේ යාපනයේ මඩම් පාරේ පදිංචිකරුවෙක් වන වයි. දනුෂ් නැමැති පුද්ගලයාය.

    ගංජා ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 700ක් සමඟ මෙම පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 12 වෙනිදා රාත්‍රී කාලයේදීය.

    මෙම පුද්ගලයා යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් රාජකාරි භාර නිලධාරියාට භාරදීමෙන් අනතුරුව පොලිස් ස්ථානයේ ඇති සිරමැදිරියේ රදවා ඇත.

    එසේ සිරමැදිරියේ රදවා මද වේලාවකට පසු මෙම සැකකරු හදවත් රෝගයක් ඇතැයි පවසා පපුව අල්ලාගෙන කෑ ගැසීමට පටන්ගෙන ඇතැයි පොලීසිය කියයි. එම අවස්ථාවේදී මෙම සැකකරුව සිරමැදිරියෙන් පිටතට ගෙන පුටුවක වාඩිකරවා ඇති බවත් එම අවස්ථාවේදී ඔහු පොලිස් ස්ථානයේ ඇති ජනේලයකින් පැන පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img