ළදරු කිරි බෝතලයක දමා සඟවා තිබූ අත්බෝම්බ දෙකක් සහ පතොරම් රැසක් සමඟ සංචාරක මඟ පෙන්වන්නෙකු වැලිපැන්න පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහාර පළාත් බුද්ධිි කොට්ඨාශයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම කළ වැටලීමකදී මෙම බෝම්බ සහ පතොරම් සොයාගෙන තිබේ.
වයස අවුරුදු 30ක් වන නවුත්තුඩුව , කොලහැකඩ පදිංචිකරුවෛක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
බෝම්බ සහ පතොරම් සැඟවූ මෙම ළදරු කිරි බෝතලය නිවසේ ගබඩා කාමරයේ දමා තිබී ඇත. ඒ තුළ තිබී හමුවූ පතොරම් අතර ටී 56 අවිවලට යොදන පතොරම් 16ක් මිලි මීටර් 09 වර්ගයේ පතොරම් 02ක් සහ බෝර 12 වර්ගයේ පතොරම් 02ක් ඇතැයි පොලීසිය කියයි.
මෙම අත්බෝම්බ දෙක හා පතොරම් ඔහුට ලද ආකාරය හා ඒවා සඟවා තබාගත්තේ ඇයිදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.