තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරමැදිරියේ සැකකරු එක්ක ගංජා ගැසූ පොලිස් නිලධාරීන්ට වූ දේ..

    සිරමැදිරියේ සැකකරු එක්ක ගංජා ගැසූ පොලිස් නිලධාරීන්ට වූ දේ..

    තංගල්ල පොලිස් සිරමැදිරියේ රදවා සිටි සැකකරුවකු සමඟ එක්ව ගංජා සුරුට්ටු සකස්කර එය පානය කළ තංගල්ල පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    තංගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් විසින් කළ විමර්ශනයකට අදාලව.

    මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පොලිස් සැරයන්වරුන් තිදෙනකුගේ සහ කොස්තාපල්වරු දෙදෙනකුගේය.

    ගංජා ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු සිර මැදිරියේ රදවා සිටියදී ඔහු මගින් පොලිස් නිලධාරීන් ගංජා සුරුට්ටුව සකස්කරගෙන පානයකර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img