තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රංශ තානාපති හම්බන්තොට වරයට

    ප්‍රංශ තානාපති හම්බන්තොට වරයට

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ (Jean-Francois Pactet) මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය.

    මෙහිදී ප්‍රංශ සමාගම් හට නිරත විය හැකි ව්‍යාපාරික අවස්ථා පිළිබද ඔහු උනන්දුව පළ කර ඇත.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලයේ නියෝජිතයන් හමුවූ අතර, තානාපතිවරයා සමඟ සාකච්ඡාවකද යෙදුනි.

    ඔහු වරායේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර 5 පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තනාපතිවරයාට ලබා දුන් අතර RORO, තෙල් සහ ගෑස් අංශයන්හි වරාය ලබා ඇති විශේෂ වර්ධනයද ඔවුනට පෙන්වා දුන්නේය.

    HIP විසින් දියත් කර ඇති නවතම බහාලුම් මෙහෙයුම් සේවාව පිළිබඳව කරුණු පැහැදිලි කර, වසර අවසන් වන විට තොග හැසිරවීම් ප්‍රමාණයද වැඩි කිරීමට අපේක්ෂා කරන බව තිස්ස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේය. HIPG හි සමාජ සහ පාරිසරික ව්‍යාපෘති සහ අනාගත සැලසුම් ද සාකච්ඡාවට ඇතුලත් විය.

    තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආර්ථික උපදේශක හේමා රාමචන්ද්‍රන් මෙනවිය සහ මාධ්‍යය පරිවාරක නිලධාරි දිනුෂා ඉලේපෙරුම මෙනවිය ද තානාපතිවරයා සමග සංචාරයට සහභාගි විය. HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් තානාපතිවරයාට සංකේතයක් පිරිනමන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img