තවත්

    කාලෙකට පස්සේ අත අරියි

    සීල් තබා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද යළි විවෘත කර තිබේ. ඒ පොලිස් විමර්ශන සඳහා බවට වාර්තා වේ.

    පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා අද මෙය විවෘත කර ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර ඊට බාහිර කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ දී නැත.

    වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවූ බව පවසමින් පක්ෂ සාමාජිකයන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පසුගිය අප්‍රේල් 06 වැනිදා කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ එම කාර්යාලය ඉබියතුරු දමා තිබිණි.

    එම කාර්යාලයේ ලිපිගොනු කිහිපයක් අස්ථානගත වූ බවට පැමිණිලි ලැබී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෑතක සිට දිගින් දිගටම හටගත් අර්බුද මතුවූ පසුබිමකදී ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img