තවත්
    මුල් පිටුවදේශීය පුවත්දොස්තර වෙසින් ඇවිත් කුළියාපිටියේ රෝගියෙකුගේ ලක්ෂ 04ක රන් සොරාගෙන

    දොස්තර වෙසින් ඇවිත් කුළියාපිටියේ රෝගියෙකුගේ ලක්ෂ 04ක රන් සොරාගෙන

    වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක සතුව තිබුණු බෑගයකින් රුපියල් ලක්ෂ 04කට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ (24) පෙරවරුවේදී බව පොලීසිය කියයි.

    වයස අවුරුදු 40ක් වන කුඹුක්කොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකගේ රන් භාණ්ඩ මෙසේ සොරා ගැනීමට ලක්ව තිබේ. රන් මාලයක් , මුද්දක්, අත්පළදනාවක් සොරාගත් රන් භාණ්ඩ අතර තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img