ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට ඉක්මණින් කටයුතු කරන්නැයි දඅගමැතිවරයා කියා සිටියේ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවශ්‍ය උපදෙස් ලබාදුනි.
ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දී ඇත.
මේ මොහොත් සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් වෙහෙසෙන නාවික, ගුවන් හමුදාව ඇතුළු සියලුම දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.



