තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතුන්ගේ මුහුණට නිරුවත් ඇඟවල් දමා හදන ෆොටෝවලින් සල්ලි හෙවූ හමුදා සෙබලා කොටු

    කතුන්ගේ මුහුණට නිරුවත් ඇඟවල් දමා හදන ෆොටෝවලින් සල්ලි හෙවූ හමුදා සෙබලා කොටු

    කාන්තාවන්ගේ ඡායාරූපවලට නිරුවත් කතුන්ගේ ඡායාරූප බද්ධකර ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් කතුන්ගෙන් කප්පම් ලබාගනිමින් සිටි යුද හමුදා සෙබලෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කාන්තාවක් බිය ගන්වා රුපියල් 45,000ක මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 04 වන විජයබාහු පාබල රෙජිමේන්තු මන්නාරම කඳවුරේ සේවයේ නිරත සෙබලෙකි. මෙම සෙබලා මොරගොල්ලාගම පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img