තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දවස් 6ක් බාර් වැසෙයි

    දවස් 6ක් බාර් වැසෙයි

    එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සහ වෙසක් සතිය වෙනුවෙන් අවස්ථා 2කදී දින 6ක් රටපුරා සියලු මත්පැන් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

    ඒ අනුව එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබේ.

    එමෙන්ම බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන අප්‍රියෙල් 23 වනදා ද මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇත.

    තවද, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    එබැවින්, එම කාලයේදී තෙදිනක් මත්පැන්හල් වසා දැමීමට පියවර ගැනේ.

    ඒ අනුව, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img