තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇතිවෙන්න තෙල් තියෙනවා ගන්න සල්ලි නෑ -අලෙවිය බාගෙට බහී

    ඇතිවෙන්න තෙල් තියෙනවා ගන්න සල්ලි නෑ -අලෙවිය බාගෙට බහී

    ශ්‍රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය දළ වශයෙන් 50% කින් අඩු වී ඇති බවට ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

    රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය පහත වැටීමට සැලකිය යුතු සාධකයක් වී ඇති බව එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දේ.

    කෙසේවෙතත් සියලු වර්ගවල ඉන්ධන හිඟයකින් තොරව දැනට රට තුළ පවතින බව ප්‍රනාන්දු මහතා ජනතාවට සහතික විය.

    මෙරට තුළ ඉන්ධන අලෙවිය සඳහා පෙර පැවතියේ ලංකා IOC සහ රජයට අයත් සිපෙට්කෝ සමාගම පමණි.

    එහෙත් මතුවූ ආර්ථික අර්බුදය හමුවේ විසඳුම් වශයෙන් රජය විසින් ඉහත සමාගම් දෙකට අමතරව ඉන්ධන ආනයනය, බෙදාහැරීම, අලෙවිය සඳහා ‍සිනොපෙක් සහ ෂෙල් යන සමාගම් ඇතුළුව පෞද්ගලික සමාගම් කිහිපයකට ද රට තුළ මෙහෙයුම් සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත.

    මේ වනවිට සිනොපෙක් සහ ෂෙල් සමාගම් මෙරට තුළ ඉන්ධන ආනයනය කොට අලෙවි කිරීම ආරම්භ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img