ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එම්.ජී.වීරසේන මහතා පත්කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් පත්‍රය ඊයේ(05) නිකුත් කර තිබේ
මෙම පත්කිරීම සිදුකරනු ලබන්නේ පසුගියදා අභාවයට පත් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ය.
පසුගිය මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 38241ක් ලබාගෙන දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එම්.ජී.වීරසේන මහතා ය.