තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටියුෂන් ගුරුවරුන්‍ගේ ආදායම ගැනත් රජයේ අවධානය

    ටියුෂන් ගුරුවරුන්‍ගේ ආදායම ගැනත් රජයේ අවධානය

    සියලුම පෞද්ගලික පාසල් හා සිසුන් 100ට වැඩි මහා පරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයාගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කරයි.

    ඊට අමතරව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, මිනින්දෝරුවන් ,ඉංජිනේරුවන්, නීති ආයතන සහ රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි සේවාවන් සඳහා ද මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙසත් කාරක සභාව නිර්දේශයේ සඳහන් ය.

    මෙම ආයතන මගින් උපයන සැබෑ ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව ප්‍රශ්නාවලියක් මගින් එම තොරතුරු ලබාගැනීමට හැකි බවත් එම කාරක සභාව විසින් පසුගිය පළමුවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත.

    ජංගම යෙදුමක් ඒ සඳහා භාවිත කළ හැකි බවත් එම නිර්දේශයේ සඳහන් වේ.

    මෙම වාර්තාව කාරක සභා සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරිපත් කර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img