fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනිගත් නෞකාවේ සුන්බුන් වෙරළට එන තැන් ගැන සාගර විද්‍යාඥයෝ කියති

    ගිනිගත් නෞකාවේ සුන්බුන් වෙරළට එන තැන් ගැන සාගර විද්‍යාඥයෝ කියති

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ MV X-Press Pearl නෞකාවේ සුන්බුන් කොළඹ සහ දකුණ දෙසට වැඩි වශයෙන් එකතු වීම අපේක්ෂා කළ හැකි බව බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාඥයින් පිරිසක් අනුුමාන කර තිබේ.

    කොළඹට උතුරින් තෙල් තැන්පත් වීමේ ඉඩකඩක් පවතින බවට ද ඔවුහු පවසා ඇත.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ MV X-Press Pearl නෞකාවේ සුන්බුන් සහ තෙල් ශ්‍රී ලංකා වෙරළේ කෙතරම් දුරකට යන්නේ ද යන්න පිළිබද සිතියම්ගත විශ්‍ලේෂණයක් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ බව අනුමාන කර ඇත.

    එම විශ්ලේෂණය කර පහත ආකෘතිය සකස් කර ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාඥයින් වන මහාචාර්ය චරිතා පට්ටියආරච්චි සහ ආචාර්ය සරත් විජේරත්න විසිනි.

    මෙය මැයි 25 සිට 27 දක්වා කාලය තුළ නැවෙන් මුදා හරින සුන්බුන් සහ තෙල් (වර්ගය අනුව) වෙරළ දෙසට ගමන් කර ඇති ආකාරය අනුව සකස් කරන ලද ආකෘතියකි.

    මේ සදහා දැනට බලපා ඇති කාලගුණ තතත්වයට අදාළ සුළං, මුහුදු රැළි ධාරාවන් වැනි පාරිසරික විචල්‍යයන් පිළිබඳ සියලු තොරතුරු භාවිතා කරමින් මෙම ආකෘතිය සකස් කර ඇත.

    මෙහි නිල් පැහැ කොටස යනු 25 වන දින නෞකාවෙන් මුදා හරින ලද සුන්බුන් වෙරළට ගොඩගසන ස්ථාන වන අතර වර්ණ තිත් යනු 26 සහ 27 යන දිනවල සුන්බුන් සහ තෙල් මුදා හරින විට අපට සිදුවිය හැකි දේ අපේක්ෂා කළ හැකි ස්ථානයන් ය.

    මුහුදු රැළි දකුණු දෙසට මාරුවෙමින් පවතින බැවින් එම තතත්වය ද මෙහිදී සුන්බුන් සහ තෙල් ගමන් මග සකස් කිරීමේදී සළකා බලා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.