තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර ගණනාවක් අවලංගුයි

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර ගණනාවක් අවලංගුයි

    අද දිනයේදී මුහුදුබඩ මාර්ගයේ අවම වශයෙන් දුම්රිය ගමන්වාර 25ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇති බවට වාර්තා වේ.

    අද (30) සහ හෙට (31) මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය තවදුරටත් ප්‍රමාද වනු ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් සිදුකරනු ලබන නල මාර්ග නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තනි මාර්ගයකට සීමා කර ඇත.

    හෙට රාත්‍රියෙන් පසු මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img