තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්'ජනපති අපේක්ෂකත්වය ගැන හිතුමතේ කියවන්න එපා' -මහින්දගෙන් උපදෙසක්

    ‘ජනපති අපේක්ෂකත්වය ගැන හිතුමතේ කියවන්න එපා’ -මහින්දගෙන් උපදෙසක්

    පක්ෂයෙන් නිල ප්‍රකාශයක් සිදුකරනතුරු ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා ඉදිරි මැතිවරණවලට තරඟ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හිතුමතේ අදහස් දැක්වීමෙන් වළකින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පෙරේදා (27) උපදෙස් දී තිබේ.

    හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පෙරේදා (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් පක්ෂයට සුදුසු ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා මැතිවරණවලට තරඟකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකරමින් සිටින බවයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉදිපෙළ නායකයන්, ක්‍රියාකාරීන්,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සමඟද අදහස් හුවමාරුකර ගනිමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

    එබැවින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා මැතිවරණවලට තරඟ කළ යුතු ආකාර සම්බන්ධයෙන් හිතුමතේ අදහස් ප්‍රකාශ කිරීමෙන් එම වැඩපිළිවෙළ කඩාකප්පල්වී පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවීමට ඉඩ තිබෙන බවද ප්‍රකාශ කරඇත.

    ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පෙර මෙවර මැයිදින සැමරුම සාර්ථක කර ගැනීමට සියලුම දෙනා දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළයුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img