fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුද්දට එන්නේ චීන ළූනු

    අවුරුද්දට එන්නේ චීන ළූනු

    මෙට්‍රික් ටොන් 3000ක ලොකු ළුෑනු රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

    ඒ අනුව ජනතාවට ලොකු ළුෑණු හිඟයකින් තොරව ලබා ගත හැකි බව නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

    ගෙන එනු ලබන ළුෑණු රු. 375 – 400 තොග මිලකට අළෙවි කිරීමට බලපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.

    ඉන්දියාව සහ පාකිස්ථානය ළුෑණු අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ ලොකු ළූණුවල හිඟයක් මතුව තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.