පහලොස් හැවිරිදි සිසුවියක් නවාතැන් පොලකට රැගෙන ගොස් දූෂණයකළ මුල්ලේරියාව පොලීසියේ කොස්තාපල්වරයෙකුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 22ක් වන මෙම කොස්තාපල්වරයා විසින් 15 හැවිරිදි සිසුවියව දූෂණයකර ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් 04 වෙනිදාය.
මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පසුගිය 18 වෙනිදා ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
රත්තොට ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් දූෂණයකර ඇත. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී තිබේ.