තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පා එකේ කෙල්ලෙක් උස්සන් යන්න ගිය පොලිසියේ දෙන්නාට වෙච්ච දේ..

    ස්පා එකේ කෙල්ලෙක් උස්සන් යන්න ගිය පොලිසියේ දෙන්නාට වෙච්ච දේ..

    බලපත්‍ර සහිතව කුරුවිට දුම්රිය පාරේ පවත්වාගෙන ගිය සම්බහන මධ්‍යස්ථානයකට කඩාවැදී එහි සේවයේ නිරතව සිටි කාන්තාවක් රැගෙන යාමට තැත් කළ බව කියන පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ විමර්ශන කාර්යාංශයේ සිරිපාගම පොලිස් ස්ථානයේ සේවයේ නිරත ආධුනික කොස්තාපල්වරයෙක් සහ එම පොලිස් ස්ථානයේම බහුකාර්ය නිලධාරියෙකු කුරුවිට පොලීසිය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිමින් සෑම ඉරුදිනකම උදෑසන 9.00ත් 12.00ත් අතර කාලය තුළ කුරුවිට පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටින ලෙස නියෝගකර තිබේ.

    මෙසේ ඇපමත මුදා හැර ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල් මධුසංක බණ්ඩාර (23) සහ බහුකාර්ය නිලධාරී ඒ.එම්.ආර්. සෙනවිරත්න (28) යන දෙදෙනා බව කුරුවිට පොලීසිය සඳහන් කළේය.

    මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (23) අලුයම් කාලයේදී සම්බහන මධ්‍යස්ථානයට කඩාවැදී කාන්තාවක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහජදරන අවස්ථාවේදි ඒ ගැන එම සම්බහන මධ්‍යස්ථානයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දෙමින් පැමිණිලිකර ඇත. ඒ අනුව කුරුවිට පොලීසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා විසින් ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද ඊයේ (24) වන විට පියවර ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img