fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත්ම X-Press Pearl ‍නැවේ ගින්නට හේතුවූ ඇසිඩ් කාන්දුව ගැන නෞකා සමාගමෙන් අනාවරණයක්

    අලුත්ම X-Press Pearl ‍නැවේ ගින්නට හේතුවූ ඇසිඩ් කාන්දුව ගැන නෞකා සමාගමෙන් අනාවරණයක්

    තවමත් ගිනිගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නට හේතු වූ බහලුම්වල බාල ප්‍රමිතියකින් යුුතුව ඇසුරුම්කරණය කරන ලද රසායනික හේතුවෙන් සිදුවූ ඇසිඩ් කාන්දුව පිළිබද එහි කාර්ය මණ්ඩලය විසින් දැනගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් අරාබි මුහුදේ සිටියදී බව එම නෞකාව අයත් එක්ස්ප්‍රස් ‍ෆ්‍රීඩර්ස් සමාගමේ සභාපති ටිම් හාර්ට්නෝල් පවසයි.

    මෙම නෞකාව පහත සිතියමේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාව සහ කටාර්හි වරාය දෙකකට පිවිසීම ප්‍රතික්ෂේප වීම නිසා බව ද නාවික පුවත් සේවයක් වෙත ‍ඔහු අනාවරණය කර ඇත. ශ්‍රී ලංකාවට අවසානයේ එමින් සිටි නෞකාවක් වුවද ඇසිඩ් කාන්දුව දැනගත් වහාම එම බහලුම් ගොඩබෑමට වරාය දෙකකින් ප්‍රතික්ෂේප කිරීම නිසා අවදානම දරාගෙන ගමනාන්තයට පැමිණීමට කාර්ය මණණ්ඩලයට සිදුවූ බව සභාපතිවරයා සිය ප්‍රකාශය ඔස්සේ අදහස් කර තිබේ.

    ගෝලීය බහලුම් නෞකා ප්‍රවාහන සමාගමක් වන එක්ස්ප්‍රස් ‍ෆ්‍රීඩර්ස් සමාගමට පූර්ණ හිමිකාරීත්වයන් යුත් යාත්‍රා 43 ක් ඇතුළුව යාත්‍රා 110 කට වැඩි ප්‍රමාණයක් හසුරුවනු ලබන 1972 සිට ක්‍රියාත්මක සමාගමකි.

    මාස තුනක් වියැති එනම් ඉතාම නවීන නෞකාවක් වු එක්ස්ප්‍රෙස් පර්ල් මුළු නෞකාවම ගින්නෙන් විනාශ වී ඇති බැවින් හිමිකරුට ද මෙය පූර්ණ මෙන්ම අතිරේක අලාභයක් බවට පත්වී ඇත.

    සමාගමේ සභාපතිවරයා සිංගප්පූරුවේ සිට තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ගින්නට හේතුව වූ කාන්දුව හඳුනාගත් විට, නැවේ කපිතාන් විසින් ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ හසිරා සහ කටාර්හි හමාඩ් වරාය දෙක අමතා මෙම බහාලුම් ගොඩබෑමට ලෙස ඉල්ලා සිටි බවයිත එහෙත් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බවත් පසුගිය පෙබරවාරි මාසයේ චීනයේ අංගනයකින් ලබා දුන් මෙම බහලුම් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි බවත් පවසා ඇත.

    පසුගිය බ්‍රහස්පතින්දා කොළඹට නැංගුරම් ලා සිටියදී ගින්නකට හසු වූ මෙම නෞකාව පිපිරීමකට ලක්ව ඇති අතර, කාර්ය මණ්ඩලය වේගයෙන් ඉවත් කිරීම සිදුවිය.

    බහාලුම් 1,486 අතර ඇසිඩ් ටොන් 25 ක් පමණ රැගෙන ගිය එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් නෞකාවේ දැවෙන බහාලුම්වල සුන්බුන් වෙරළට ගසාගෙන ගොස් ඇත.

    හානිකර රසායනික ද්‍රව්‍යවලින් දූෂණය විය හැකි බැවින් ඒ කිසිවක් ස්පර්ශ නොකරන ලෙස ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා ඇත.

    ගැලවීමේ කණ්ඩායම් – ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු මිලිටරි හමුදාවන්ගේ සහාය ඇතිව – හානිය අවම කිරීම සඳහා සටන් වදින අතර, ඇසිඩ් සහ ඉන්ධන මුහුදට කාන්දු වී ඇතැයි අනුමාන කෙරේ.

    නෞකාවේ හිමිකරු අපේක්ෂා කරන්නේ ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් නමැති රක්ෂණ සමාගම විසින් නෞකාව සම්පූර්ණ අලාභයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

    “බහාලුම් නැව්ගත කිරීමේ ලොකුම තර්ජනය වන්නේ නැව් ගිනි ගැනීමයි” හාර්ට්නෝල් පැවසීය.

    පසුගිය නොවැම්බරයේ සමුද්‍ර රක්‍ෂණ ආයතනයයක් වන ගාඩ් හි වාර්තාවක් පැවසුයේ බහාලුම් සහිත නෞකා ගින්නක් සාමාන්‍යයෙන් සති දෙකකට වරක් සිදු වන බවයි.

    එම වාර්තාව ඓතිහාසිකව දැක ඇති ගින්නට ප්‍රධාන හේතු තුනක් ගෙනහැර දැක්වීය. පළමු වැන්න ස්වයං-උනුසුම්කරණ අඟුරු වේ. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රසායනික ද්‍රව්‍ය වැරදි ලෙස ඇසුරුම් කිරීම ය. තුන්වැන්න නම් බැටරි සමඟ ඇති බහාලුම්වල මුහුදේදී ඇති වන ගිනිගැනීම් විශාලතම හේතු ලෙස ලැයිස්තුගත කර ඇත.

    නෞකාවේ ගමන් මාර්ගය
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.