තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පීඩාවට පත් පාකිස්තානයට චීනයෙන් ආධාර

    පීඩාවට පත් පාකිස්තානයට චීනයෙන් ආධාර

    අධික වර්ෂාපතනයෙන් පීඩාවට පත් පාකිස්තානයට චීන රජය හදිසි ආපදා මූල්‍ය සහනාධාර පිරිනමයි. එය ඊයේ (14) පාකිස්තාන විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරිණ.

    එරට චීන තානාපති Jiang Zaidong මහතා සහ පාකිස්තාන විදේශ කටයුතු ලේකම් Muhammad Syrus Sajjad Qazi මහතා එම අවස්ථාවට එක්වූහ.

    අධික වර්ෂාපතනය හේතුවෙන් Khyber Pakhtunkhwa සහ Balochistan යන ප්‍රදේශවල ජීවිත හා දේපළ හානි සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන් චීනය පාකිස්තානයට සිය අවංක ශෝකය පළ කරන බව තානාපතිවරයා පැවසීය. හදිසි ආපදා මූල්‍ය සහනාධාර මගින්, විපතට පත් වූ ජනතාවට හැකි ඉක්මණින් දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

    චීනයට ස්තුතිය පළ කරමින් විදේශ කටයුතු ලේකම්වරයා පැවසුවේ, අදාළ සහනාධාර මුදල් අපදාවට ලක්වූවන් වෙනුවෙන් නිසි ලෙස උපයෝජනය කරන බවයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img