නව අඩසඳ දර්ශනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අඟහරුවාදා (මාර්තු 12) අලුයම සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කරයි.
දින 30 ක් හෝ 29 ක් මෙම උපවාස කාලය පවතී.
ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරයි.
ඇතැම් මුස්ලිම් ප්‍රජාව තාරකා විද්‍යාත්මක ගණනය කිරීම අනුව රාමසාන් උපවාසය ආරම්භ කරනු ලබයි.
රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වේ.
රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත් වේ.
මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බු මාසය ලෙස හඳුන්වනු ලබයි.
සමාව දීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන්වූ මාසය ලෙසද රාමලාන් මාසය සැළකේ. උපවාසය රැකිය යුත්තේ ද ඒ මාසයේදීමය.