fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කතරගම පොලීසියේ විවිධ පැමිණිලි OICට පහරදීමක්

    කතරගම පොලීසියේ විවිධ පැමිණිලි OICට පහරදීමක්

    කතරගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් පහරදී ඇත.

    දෛනික රාජකාරි අවසන්කර ස්ථානාධිපතිවරයා තිස්ස- කතරගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී පිටුපසින් පැමිණි යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් මග හරස්කර මෙම පහරදීම කර ඇති බව කතරගම පොලීසිය කියයි.

    දෙටගමුව මංසන්දියේදී සිදුකල මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත. මෙම පහරදීම ඊයේ රාත්‍රී කාලයේ සිදුව තිබේ. පහරදීමට මුල්වී ඇත්තේ සුළු පැමිණිල්ලක් විභාග කිරීමේදී මෙම නිලධාරියා විසින් එම පැමිණිල්ලට අදාල පාර්ශවයේ අයෙකුට පහරදීමට යාමක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.