මිසයිල ප්‍රහාරයකට ලක්වූ True Confidence නෞකාවේ ආරක්ෂකයින් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බේරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම නෞකාව යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50ක් ඔබ්බෙන් ගල්ෆ් මුහුදේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇත.
තහවුරු කරන ලද වාර්තාවලට අනුව, පිලිපීනය සහ එක් වියට්නාම ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් ඇත.
තුවාල ලැබූවන් අතරට ශ්‍රී ලාංකික ආරක්ෂකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අයත් වේ.
අනතුරට පත් ශ්‍රී ලාංකිකයා ඇතුළු තුවාලකරුවන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් අනතුරට පත් නෞකාවෙන් ජිබුටි වෙත රැගෙන ගොස් තිබේ.
ඉතියෝපියාවේ අඩිස් අබාබා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සහ අනෙකුත් ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයාට ආරක්ෂිතව රැඳී සිටීමට පහසුකම් සැලසීම සඳහා ජිබුටි හි අදාළ බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අඩිස් අබාබා හි තානාපති කාර්යාලය මේ වන විට තත්ත්වය පිළිබද සොයාබලමින් කටයුතු කරන අතර ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීයත.