ආහාර මිල ගණන් අද(05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
පසුගියදා ඉහළ දැමූ ආහාරපාන වර්ගවල මිල ගණන් එලෙසම අඩු කරන බව එහි සභාපති හර්ෂණ රුක්ෂාන් කීය.
විදුලිබිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු සදහන් කළේය.
මේ අතර විදුලි ගාස්තු පහත දැමුවද ජල ගාස්තු අඩු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද මෙතෙක් අවධානය යොමු කර නොමැති බව එම මණ්ඩලය පැවසීය.