fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවශ්‍යම මොහොතේ ළග සිටින්නේ සැබෑ මිතුරන් ය

    අවශ්‍යම මොහොතේ ළග සිටින්නේ සැබෑ මිතුරන් ය

    අවශ්‍යම අවස්ථාවේ සිටින මිතුරා සැබවින්ම මිතුරෙක් බවත් හොඳ අසල්වැසියෙකු, හොඳ මිතුරකු සහ හොද සහකරුවකු ලෙස අතීත, වර්තමාන හා අනාගතය කවරක් වුවත් ශ්‍රී ලංකාවට යමක් අවශ්‍ය වූ විටෙක කිසිවිටෙකත් මග නොහරින මිතුරකු ලෙස සිටින බවත් චීනය පවසයි.

    මෙරට චීන තානාපති මේ බව පැවසුවේ අද අලුයම මෙරටට දෙවන චීන කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක පරිත්‍යාගය කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ය.

    ලෝකයේම පොදු සතුරා වී ඇති කොවිඩ් පරාජය කිරීමට ඇති එකම මැජික් විසදුම පිළිබද වද චීන තානාපතිවරයා මෙහිදී කියා සිටියේ ය.

    “අවශ්‍ය අවස්ථාවක සිටින මිතුරා සැබවින්ම මිතුරෙකි

    ආයුබෝවන් වනක්කම්!!!

    චීන ජනතාව ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාගයක් ලෙස පිරිනැමූ ෆිසිනෝ පාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මාර්තු 31 වැනි දින අපි ඒකාබද්ධව සාදරයෙන් පිළිගනිමු. අද දිනයේ නවතම ආධාර නැවත වරක් ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු ශ්‍රී ලංකාව සඳහා තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් වන එම පරිත්‍යාගය covid-19 ට එරෙහිව සටන් කිරීමේ දී ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරමු.

    කොවිඩ් අපගේ පොදු සතුරාය. ගෝලීය සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩනැඟීම අපගේ පොදු ඉලක්කයයි වසංගතයට එරෙහිව සටන් කරන වඩාත්ම බලවත්ම ආයුධ වන්නේ එක්සත්කම සහ සහයෝගිතාවය වන අතර අවසානයේ වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසඳුම එන්නත බෙදා ගැනීමයි .

    මැයි 21 වනදා පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජිංපිං මහතා ප්‍රකාශ කළේ චීනය මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආධාර ලබාදී ඇති බවයි. රටවල් 80 ක් සඳහා සඳහා නොමිලේ එන්නත් ලබා දෙන අතර තවත් රටවල් 43 චීනයෙන් ආනයනය කරමින් සිටී. covid- 19 ට එරෙහි ගෝලීය සහයෝගීතාව සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙමින් චීනය ඉදිරි වසර 3 තුළ අතිරේක වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක ජාත්‍යන්තර ආධාර ලබාදෙනු ඇත. හැකි උපරිමයෙන් වැඩි එන්නත් ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණය හුවමාරු කරමින් ඔවුන් සමග ඒකාබද්ධ නිෂ්පාදනයන් සිදුකිරීම සඳහා තම එන්නත් සමාගම්වලට චීනය සහාය වනු ඇත.

    අපේ 27 වන දින පැවති වීඩියෝ රැස්වීමේදී චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වන්ග් යි, මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තාන විදේශ ඇමතිවරු covid- 19 ට එරෙහි එරෙහි ව ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සඳහා වැදගත් සම්මුතීන්ට එළඹුණු අතර ස්ථිර ප්‍රතිඵල ප්‍රතිඵළ රැසක් අත්කර ගත්හ. වසංගත හා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අද එන්නත පැමිණීම ඔවුන්ගේ එකඟතාවයන් හි ප්‍රතිඵලයකි.

    වසංගතය පැතිර ගිය දා සිට චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය ලබා දී ඇති අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය නව තලයකට ඔසවා තබා ඇත.

    හොඳ අසල්වැසියෙකු ලෙස හොඳ මිතුරකු සහ හොද සහකරුවකු ලෙස අතීත වර්තමාන හා අනාගතය කවරක් වුවත් ශ්‍රී ලංකාවට යමක් ප්‍රයෝජනවත් වන අවස්ථාවක කිසිවිටෙකත් මග හැර නොයනු ඇත. ඇතැම් කාර්යයන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තාක් චීනය කිරීමට පසුබට නොවනු ඇත.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සඳහා කැපවීම් දක්වන සියලු දෙනාටම මාගේ හෘදයාංගම ඇගයීම ප්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. නුදුරු කාලයේදීම ශ්‍රී ලංකාවට වසංගතයෙන් ජය ගැනීමට හැකි වෙතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි. ඔබට ස්තූතියි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.