හෙට දිනයේත් රටේ දිස්ත්‍රික් 14කට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණයක් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, මන්නාරම යන දිස්ත්‍රික්වලට හෙට දිනයේදී අධික උණුසුම් කාලගුණයක් පැවතීමේ ඉඩක් ඇත.
උණුසුම් තත්ත්වය සෙල්සියස් අංශක 39-45 දක්වා වැඩිවීමේ අවදානමක් ද පවතී.
අද පස්වරුවේ නිකුත් කළ නවතම කාලගුණ වාර්තාව මගින් කාලගුණ විද්‍යාඥයෝ මේ පිළිබඳව ඇති පලකර ඇත.