බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම මගින් ක්‍රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check-in counter) අද අලුයම සිදුවු ප්‍රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදු වූවක් මිස, කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් නොවන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.
මේ වනවිට ඇතුල්වීමේ කවුන්ටර මෙහෙයුම් (Check-in counter operations) සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.
මෙම මෙහෙයුම් ප්‍රමාදයන් නිසා අපහසුතාවයට පත් වූ සිය ගුවන් මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව අයැද සිටී.
ඒමෙන්ම, මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.