තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ ආහාර වේලක්

    ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ ආහාර වේලක්

    ලබන මාසයේ සිට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම පාසැල් සිසුවෙකු සඳහාම නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    පාසල් දිනවලදී දෛනිකව උදෑසන 7.30 ට එම ආහාරවේල ලබාදීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    සිසුන් ලක්ෂ 17ක් සඳහා මෙම ආහාර වේල ලබා දීමට නියමිත ය.

    ඒ සඳහා රුපියල් බිලියන 16.6 ක මුදලක් වෙන් කර තිබේ.

    අමාත්‍යාංශය විසින් අනුමත ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කෙරේ.

    එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධීක්ෂණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img