fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැකකරුවන්ට ඇප දෙන්න පුළුවන් අවස්ථා ගැන නීතිපතිගෙන් පොලිස්පතිට තවත් උපදෙස්

    සැකකරුවන්ට ඇප දෙන්න පුළුවන් අවස්ථා ගැන නීතිපතිගෙන් පොලිස්පතිට තවත් උපදෙස්

    අංජනා මල්ලවාරච්චි

    බන්ධනාගාරවල තිබෙන තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ගතවන්නන්ට ඇප ලබාදීමේ නව මාර්ගෝපදේශ මාලාවක් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී තිබේ.

    එම මාර්ගෝපදේශ වලට අනුව නඩු පැවරීමේදී හෙරොයින් ග්‍රෑම් දෙකක් 2-4ත් අතර ප්‍රමාණයක් හමුවන අවස්ථාවක එවැනි පුද්ගලයින්ට ඇප ලබා දීමටත් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් ශුද්ධ බර ග්‍රෑම් ග්‍රෑම් එකකට අඩුවන අවස්ථා වලදී වලදී පනතට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීම මගින් ඔවුන් බන්ධනාගාර ගත කිරීම වැළකිය හැකි බවටත් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දන්වා තිබේ.

    හෙරොයින් ග්‍රෑම් දෙකත් හතරත් අතර ප්‍රමාණය සමඟ සැකකරුවකු හමුවුවහොත් ඔවුන්ට මාස තුනක් ඇතුළත ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය උසාවියේදී විරුද්ධ නොවිය යුතු බවද එමගින් සැකකරුවන් බන්ධනාගාරගත කිරීම වැළැක්විය හැකි බව ද නීතිපතිවරයා විසින් නිර්දේශ කර තිබේ.

    බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සඳහා සහ අලුතෙන් බන්ධනාගාරවලට පිරිස් ඇතුළත් වීමෙන් ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.