තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිමාන්ඩ් සිටි සබරගමුව සරසවි සිසුන්ට ඇප

    රිමාන්ඩ් සිටි සබරගමුව සරසවි සිසුන්ට ඇප

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සබරගමුව විශ්විද්‍යාලයේ සිසුන් 13 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.

    ඒ අද (15) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දි කළ නියෝගයකට අනුවයි. ඵ් අනුව අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

    සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිසුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    අදාළ සිසුන් 13 දෙනා අතරින් 9 දෙනෙකු කුරුවිට බන්ධනාගාරයේ රදවා තිබූ අතර සුම් වීඩියෝ හමුව ඔස්සේ මෙම නඩු විභාගය පැවැත්විණි.

    ඉතිරි සිසුන් 4දෙනා බන්ධනාගාර නිලධාරීන් බාරයේ අද (15) දින සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිට ඇත.

    ඉකුත් 09 දින රාත්‍රි සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සහ සිසුන් දෙදෙනෙකු පිටතින් ආහාර රැගෙන එම පීඨයේ ආපන ශාලාවෙ ආහාර ගනිමින් සිටියදි ඡෙෂ්ඨ සිසුන් යැයි කියාගත් පිරිසක් විසින් විදුලිය විසන්ධි කර සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පොලු මුගුරුවලින් පහර දී තිබුණි.

    තමන්ට විදුලිය විසන්ධි කර පොලු මුගුරුවලින් පහර දුන් බව පහරකැමට ලක් වු සිසුවිය සහ සිසුන් දෙදෙනා සමනළ වැව පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ එදින රාත්‍රියේදී ම ය.

    එම රාත්‍රියේම පහරකෑ සිසුන් පබහින්න සහ බලංගොඩ මූලික රෝහල්වලට ඇතුලත් කර තිබිණි.

    මීට අදාළ නඩු විභාගය නැවත හෙට(16) දින කැදවීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img