තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ආයේ පටන් ගන්න ජයිකා ලෑස්තියි

    මඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ආයේ පටන් ගන්න ජයිකා ලෑස්තියි

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය අකිහිතෝ මහතා පවසයි.

    හෙතෙම මේ බව කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය අකිහිතෝ මහතා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති අවස්ථාවේදී ය.

    නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ඇගයීමට ලක් විය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

    පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img