අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිගාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේ කළේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් බවත් තමා උත්සාහ කරන්නේ අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරදීමට බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ ය.
2022 සහ 2023 වර්ෂ ගැන අමුතුවෙන් පැවසීමට දෙයක් නොමැති බවත් එම අසීරු යුගයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවත් පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අද (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.