සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළව ලිඛිත දැනුම්දීමක් සිදුකරනතුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යළි ආරම්භ කළේය.
වර්ජනය අතරතුර රජයේ රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදා භට පිරිස් යොදවා තිබුණි.