ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය වන http://www.presidentsfund.gov.lk යන වෙබ් අඩවිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (13) නිල වශයෙන් විවෘත කර තිබේ.
මෙම වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට ජනාධිපති අරමුදල වෙතින් සපයනු ලබන සේවාවන්ට අදාළ යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී.
වෛද්‍යාධාර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කරගැනීමේ හැකියාව ද මෙමගින් සලසා ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර, ජනාධිපති අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් මොරලියගේ සහ ජනාධිපති අරමුදලේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.බොතේජු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.