තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ද මානසික කතක් දූෂණය කළ පොලිස් රාළහාමි හිරේට

    මන්ද මානසික කතක් දූෂණය කළ පොලිස් රාළහාමි හිරේට

    මන්ද මානසික කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට නුවරඑළිය මහාධිකරණය වසර 07ක බරපතල වැඩ ඇතිව සිරදඩුවමක් ලබාදෙමින් වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස ඊයේ නියෝග කර තිබේ.

    හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් ඩී.ජී.එස්. වීරසිංහ නැමැති පොලිස් නිලධාරියාට මෙම සිරදඩුවම ලබා දී ඇත.

    මෙම නිලධාරියාට එරෙහිව 2015 වසරේ ඔක්තෝබර් 14 වෙනිදා මතුරට අලකොලවැව පදිංචි මන්ද මානසිත කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මතුරට පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණි. පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු පවසා තිබේ.

    දීර්ඝ කාලයක් තිස්සේ පැවති එම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නිලධාරියාට සිරදඩුවම් මෙසේ ලබාදී ඇත. මෙම සිරදඩුයම හිමිවන විට ඔහු සිට ඇත්තේ පොලිස් සේවයේ නිරතවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img