තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ ලක්ෂ 28ක් හිරවෙති -බහුතරය කාන්තාවන්

    ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ ලක්ෂ 28ක් හිරවෙති -බහුතරය කාන්තාවන්

    ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත් ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවට හදුනාගෙන ඇති බවත් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

    2018 වසරේදී සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ බව හදුනාගෙන ඇති බව කාරක සභාව වෙත පැමිණි සාමාජිකයින් විසින් හෙළිකර තිබේ.

    මෙම ණය ලෙස ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොලියක් අයකර ගැනීමට අදාළ ආයතන කටයුතු කර ඇති බවද හෙළිවී ඇත.

    මේ හේතුවෙන් ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බව අංශික අධික්ෂණ කාරක සභාවේ නියෝජිතයින් පෙන්වා දෙයි.

    ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයෙහි මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබෙන බැංකු නොවන ප්‍රධාන මූල්‍ය සමාගම් හයක් වෙතින් ණය ලබාගත් විශාලතම කණ්ඩායම තුළ බවද මෙහිදී අනාවරණය විය.

    මුළු ක්ෂුද්‍ර මූල්‍ය ණය වන මිලියන 84,000 කින් 80% ක් එනම් රුපියල් මිලියන 67,000ක් මෙම ආයතන ලබා දී ඇති බවත් මේ වනවිට එම ණය ගත් අයගේ දේපළ අත්පත් කරගැනීම ආරම්භ කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img