මත්පෙති තොගයක් අලෙවි කිරීමට සූදානම් වූ පේරාදෙණිය මහරෝහලේ සේවයේ නිරත වෙද්‍යවරයෙකු ඇත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙලිඹය කරමඩ පදිංචිකරුවෙක් වන වර්ධනකුඹුර (49) නැමැති වෛද්‍යවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මත්පෙති තොගයක් අලෙවි කිරීමට පුද්ගලයෙක් නාවලපිටිය පාරේ ක්‍රිස්බෝ ආයතනය අසලට පැමිණෙන බවට ඇත්ගාල පොලීසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම වෛද්‍යවරයා හසුවී තිබේ.
මත්කුඩු ලෝලීන් මත්වීමට යොදා ගන්නා වේදනානාශක පෙති වර්ග දෙකක් මෙහිදී ඔහු අලෙවි කිරීමට රැගෙන විත් තිබී ඇත.
ඔහු සතුව තිබී පෙති 1600ක් හමුවී ඇති අතර එම පෙති ඔහු විකිණිමට රැගෙන විත් තිබී ඇත්තේ රුපියල් 160,000කටය.