හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට අයත් වාලච්චේන ඊච්චයිඅඩි හී පිහිටි කුඹුරු ඉඩමක ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් දෙදෙනෙක් විදුලි සැර වැදී මියගොස් ඇත.
කුඹුරු ඉඩම වන අලීන්ගෙන් බේරා ගැනීමට ඇද තිබුණු විදුලි උගුලකට හසුවී ඔවුන් දෙදෙනා මියගොස් ඇතැයි වාලච්චේන පොලීසිය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම ඉඩම වගා කටයුතු කිරීමට කරුණා අම්මාන් විසින් කිරාන් හී පදිංචි පුද්ගලයෙකුට ලබාදී ඇති බව පොලීසිය කියයි.
අනවසරයෙන් විදුලිය ලබාගෙන අපරික්ෂාකාරී ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසිය ටී. සෙන්දුරන් නැමැති කිරාන් හී පදිංචි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
විදුලි සැර වැදී මියගොස් ඇත්තේ කෝරාවලි පුලිපංචිකල් හී පදිංචිව සිටි ඒ. යෝගනාදන් (51) සහ කුඩුම්බිමලේ , කුඩාසොරමොරච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඩබ්ලිව්. එම්.සුදර්ශන් (21) නැමැති දෙදෙනාය.
මෙම මරණ සිදුව ඇත්තේ පසුගිය 12 වෙනිදා සවස 6.00ත් ඊයේ 13 උදෑසන 6.00ත් අතර කාලය තුළදි බව වාලච්චේන පොලීසිය සහන් කළේය.
Photo – File Photo