යුද හමුදා භටපිරිස් වහාම රජයේ රෝහල් වෙත කැඳවා තිබේ.
අද දිනයේදී රෝහල් 48 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාවේ 900 ක පමණ භට පිරිසක් යොදවා ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ දිවයින පුරා රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් යලි අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකල ඉල්ලීමට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලෙස ආරක්‍ෂකසේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදි ඇත.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සෞඛ්‍ය්‍ය බලධාරීන් සමඟ අද සිදුකරන සෞඛ්‍ය වෘත්තිය
ඒ අනුව දැනට බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොලොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළු රෝහල්වලට මෙලෙස හමුදා භටපිරිස් යොදවා ඇත.
මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවනු ලබයි.
හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භටපිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත.
පහහත දැක්වෙන්නේ මේ වනවිට අරඹා ඇති සෞඛ්‍ය වර්ජනය අතරතුර හමුදා භටපිරිස් රෝහල් කටයුතු පවත්වාගෙන යන ආකාරයයි.










