fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසිය ඉදිරිපිට ඇති මීගොඩ ආර්ථිකයේ වෙඩි තබා ලොකු කොල්ලයක්

    පොලීසිය ඉදිරිපිට ඇති මීගොඩ ආර්ථිකයේ වෙඩි තබා ලොකු කොල්ලයක්

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි වෙළඳ සැලකට අද අලුයම කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා මුදල් කොල්ලකා පළාගොස් ඇත.

    වෙඩි වැදුණු එම වෙළඳ සැලේ මුදල් අයකැමිවරිය හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.

    ඇය අවුරුදු 23ක් වයසැති මීගොඩ පදිංචිකාරියකි.

    පොලිස් ස්ථානය ආසන්නයේම පිහිටි මෙම ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ මෙම වෙඩි තැබීම ගැන පොලීසියට වෙළඳුන් කෑ ගසා පවසන තුරු කිසිදු නිලධාරියෙක් පිටතට පැමිණ බලා නොමැති බවට චෝදනාවක්ද මේ වන විට එල්ලවී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.