තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටි ගාණක මැණික් ජාවාරමකට සැරසුණු හිමිනමක් සමඟ අයෙක් අත්අඩංගුවට

    කෝටි ගාණක මැණික් ජාවාරමකට සැරසුණු හිමිනමක් සමඟ අයෙක් අත්අඩංගුවට

    නීතිවිරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාක නිල්මැණික් (Sapphire Blue Stone) 2ක් යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු අතර, මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත්වු මැණික් ගල් චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පලකරයි. මේ සබැදිව වැඩිදුර විමර්ෂණ කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img