fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන තීරණයක්

    උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන තීරණයක්

    2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන්ටත් රු. 2,000.00ක අවම සංහෘත දීමනාවක් ගෙවීමට රජය පියවර ගෙන තිබේ.

    අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රු.1,450 සිට රු. 2,000 ක් දක්වා වැඩි කර ගෙවන ලද අවම සංහෘත දීමනාව මෙවරත් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    එමෙන්ම ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන ප්‍රධාන පාලක පරීක්ෂකවරුන්, සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා සමස්ත කාර්ය වෙනුවෙන් 2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා සංශෝධනය කර ගෙවන ලද දීමනාවන් 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් කාර්යයන් සඳහා ගෙවීමට ද අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනුව, 2023 (2024) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කාර්ය මණ්ඩල සඳහා ඉහත සඳහන් සංශෝධිත දීමනාවන් ගෙවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

    ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img