fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුරගේ ඉන්දීය සංචාරය අතරේ ලංකාවේ පොලිස් කණ්ඩායමකුත් දිල්ලියට

    අනුරගේ ඉන්දීය සංචාරය අතරේ ලංකාවේ පොලිස් කණ්ඩායමකුත් දිල්ලියට

    spot_img

    ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (05) දිල්ලි පොලිස් පුහුණු මධ්‍යස්ථානයට ගොස් තිබේ.

    එරට වාර්තා පවසන්නේ ඉන්දීය පොලීසියේ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම සඳහා එරට නිලධාරීන් සමඟ බුද්ධිමය අන්තර් ක්‍රියාකාරිත්වයක නිරත වීම වෙනුවෙන් මෙම කණ්ඩායම එහි ගොස් ඇති බවයි.

    එහිදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ දිල්ලි පොලිසියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වූ අතර, ඉන්දියාවේ පොලිස් ක්‍රියාකාරකම්වල සංකීර්ණතා පිළිබඳව සොයා බලා තිබේ.

    රාජින්දර් නගර් හි විශේෂිත පුහුණු මධ්‍යස්ථානය වෙත ඔවුන්ගේ සංචාරයේදී විශේෂ පොලිස් කොමසාරිස් (පුහුණු) චායා ෂර්මා, නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් දිල්ලි පොලිසියේ විවිධ දිස්ත්‍රික්කවල සහ ඒකකවල මෙහෙයුම් පිළිබඳ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට එහිදී අවබෝධයක් ලබා දුන් අතර, බළකාය තුළ පුහුණුවේ වැදගත්කම අවධාරණය කළේය.

    දිල්ලි පොලිස් ඇකඩමියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) උමා ශංකර්, ශ්‍රී ලංකා දූත පිරිස සමඟ තවදුරටත් සාකච්ඡා කරමින්, සංවිධාන ව්‍යුහය සහ විවිධ විශ්වවිද්‍යාලවල කාන්තා නිලධාරීන් සඳහා වන පුහුණු වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට ඉන්දීය පොලිසිය හා එහි ඓතිහාසික විකාශනය සම්බන්ධ චිත්‍රපට ද එහිදී ප්‍රදර්ශනය කර ඇත.

    මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ද ඊයේ නවදිල්ලියේදී හමුවිය. ඉන්දීය මාධ්‍ය පැවසුවේ නවදිල්ලිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයකුට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බවත්ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img