මාතර නිලේකා ජුවලරිය කොල්ලකෑමට පැමිණ පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු පිට සිටි සැකකරුවෙකුව ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
එස්.එන්.එස්. අබේසේකර (30) නැමැති මෙම වරෙන්තුකරු කොස්ගොඩ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
බලපිටිය පාතගම මාදූව පාරේ දී මෙම පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 5,200ක් සමගිනි.
2018 වසරේ ජුනි 22 වෙනිදා සිදුවූ මාතර නිලේකා ජුවලරි කොල්ලයට ඔහු වරෙන්තු ලබා සිටින්නෙක් බව හෙළිවී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී බව පොලීසිය පවසයි.
රැදවුම් නියෝග මත රදවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.