රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදුන් තොරතුරකට අනුව මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියෙකුව මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි එම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල මහා රෝහල අසලදී ඊයේ ය.
හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 460ක් ඔහු සතුව ඒ වන විට තිබී ඇත.