මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ප්‍රංශ ජාතික කාන්තාවක් නවාතැන් ගෙන සිටින අනුරාධපුර හෝටල් කාමරයට නිදහස් දා හොරු පැන රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා මුදල් ඇතුළු දේපොල සොරාගෙන ගොස් ඇත.
වයස අවුරුදු 27ක් වන එම ප්‍රංශ ජාතික කාන්තාව අනුරාධපුර පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ ගමන් බෑගයක තිබුණු කැමරාවක්, අව් කණ්නාඩියක්, ප්‍රංශයට රැගෙන යාමට සූදානම් කරගෙන තිබුණු කුළුබඩු පාර්සලයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවය.
මෙම හෝටලය පිහිටා ඇත්තේ අනුරාධපුර නව නගරයේය.