fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්'Ceylonese Crabs' සිංගප්පූරුවේ අවන්හල් හොල්ලයි

    ‘Ceylonese Crabs’ සිංගප්පූරුවේ අවන්හල් හොල්ලයි

    ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසකි. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම සනිටුහන් කරමින් අවන්හල් ඉදිකෙරුණි.

    නමුත් සිංගප්පූරුවෙහි බොහෝවිට දක්නට ඇත්තේ චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත අවන්හල් ය. එම හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට මෙරට ආහාර වේලක් ලබාගැනීම ඉතාමත් අසීරු කාරණයක් විය.

    කෙසෙවෙතත් එරට සිටින ශ්‍රී ලාංකික සැමටම සුබ ආරංචියක් ලබා දෙමින් පූර්ණ ලාංකේය කෑම වට්ටෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් ‘Ceylonese Crabs’ නමින් පසුගිය 2 වනදා විවෘත විය.

    සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

    ‘Ceylonese Crabs’ සමාරම්භක අවස්තාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ‘Ceylonese Crabs’ සමාරම්භයට ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

    මුළුමනින්ම ලාංකේය සැරසිලි සහ ගෘහ අලංකාර රටාවන්ගෙන් හැඩගැන්වී ඇති ‘Ceylonese Crabs’ හීදී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබාගැනිමට පුළුවන.

    ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද ‘Ceylonese Crabs’ ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමිව ඇති බවත්, දේශසීමා මායිම් බිඳ දමමින් ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙන යාමට ‘Ceylonese Crabs’ දරන උත්සහය මල්ඵල ගැන්වෙමින් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.