fbpx
තවත්
    මුල් පිටුවspecialගිනි ගනිමින් ඇති නෞකාවේ පිපිරීමක් - කාර්ය මණ්ඩලය ඉවත් කරයි (🎥)

    ගිනි ගනිමින් ඇති නෞකාවේ පිපිරීමක් – කාර්ය මණ්ඩලය ඉවත් කරයි (🎥)

    කොළඹ පිටත වරායේ ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් සිදුවී එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් තුවාල ලබා ඇත.

    එම තුවාල කරුවන් දෙදෙනා ඇතුළු නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව නෞකාවෙන් ඉවත්කර ගත් බව නාවික හමුදාව සදහන් කරයි. තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

    කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති මෙම බහාලුම් ප්‍රවාහන නෞකාවේ ගිනින හටගෙන ඇත්තේ ඉකුත් 20 වෙනිදාය.

    නාවික හමුදාව සහ වරාය අධිකාරීයේ ගිනි නිවීමේ අංශ වහාම එම ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්තේය. එහෙත් එම නෞකාවේ ගින්න හටගෙන ඇත්තේ රසායනික ද්‍රව්‍ය බහලුම්වල බැවැන් ගින්න නැවත හටගත් අතර මේ වන විටත් එය ගිනි ගනිමින් ඇතැයි නාවික හමුදාව සදහන් කරයි.

    සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබී ඇත. නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීයනු සහ රුසියානු ජාතිකයින් 25ක ගෙන් සමන්විත වේ.

    2021 මැයි මස 20 වන දින සවස් කාලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් නෞකාවට ඇතුළුවී එහි තත්වය පරීක්‍ෂා කර තිබේ. නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් සිදුවූ යම් ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇති වී ඇති බවට සැක කෙරේ. මේ වන විට නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සදහා විදේශීය විශේෂඥයන්ද මෙරටට පැමිණ ඇත.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.