fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණසහරාන්ගේ නිවස බිද කෝටි තුනකට අධික මුදල් හා දේපොල සොරාගෙන

    සහරාන්ගේ නිවස බිද කෝටි තුනකට අධික මුදල් හා දේපොල සොරාගෙන

    බත්තරමුල්ල පැලවත්තේ පිහිටි නිවසක් බිද රුපියල් තුන්කොට් හැටතුන් ලක්ෂ හයදහස් පන්සිියයකට ආසන්න වටිනාකමක් ඇති මුදල් , රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ සොරා ගැනීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් ඇත.

    මෙම නිවසේ හිමිකරු ව්‍යාපාරිකයෙක් වන එම්.එච්. සහරාන් නැමැති අයෙකි.

    පසුගිය 08 වෙනිදා මෙම නිවස සොරුන්ගේ ග්‍රහනයට හසුවී ඇති බව සදහන්ය. සොරුන් සේප්පුවද රැගෙන ගොස් ඇත. ඒ වන විට මෙම ව්‍යාපාරිකයා සිට ඇත්තේ ජපානයේය. පොලීසියට පැමිණිලි කිරීමේදී සේප්පුවේ ඇති භාණ්ඩ සම්බන්ධයෙන් නිසි තොරතුරක්ද ලැබී තිබී නැත. විමර්ශන වලින් හෙළිවී ඇත්තේ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, සිංගප්පූරු ඩොලර් ආදී විදේශ මුදල් විශාල ප්‍රමාණයක් එහි තිබී ඇති බවය. රන් භාණ්ඩ වලට අමතරව එහි මිල අධික ඔරලෝසුුවක්ද තිබී ඇත.

    මෙම සොරකමට පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධව ඇතැයි විමර්ශන වලින් හෙළිවී තිබේ. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින දෙදෙනෙක් වන ඔවුන් කොළඹ නගරයේ කම්කරුවන් ලෙස සේවයේ නිරතවෙමින් අනාරක්ෂිත නිවාස හදුනාගෙන රාත්‍රී කාලයට එම නිවෙස්වලට ඇතුළු වී භාණ්ඩ සොරා ගන්නා බව හෙළිවී ඇත. මෙම සැකකරුවන් දෙදෙනා මෙම ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ඇත්තේ මෙතරම් විිශාල වටිනාකමක මුදල් හා දේපොල බලා පොරොත්තුවෙන් නොවන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත. සේප්පුව බිත්තියට සවිකර තිබී නැති බැවින් සොරුන් දෙදෙනා සේප්පුව සොරගෙන ගොස් එය කඩා ඇති බවද හෙළිවී තිබේ.

    ඒ එක් සැකකරුවෙක් හදුනාගත් පොලීසිය ඔහු පදිංචිව සිටින බෙලිහුල්ඔය පිහිටි නිවස ආසන්නයේ සගවා තිබී සොරාගත් රන් භාණ්ඩවලින් කොටසක් සහ මුදල් තොගයක්ද පොලීසිය සොයාගෙන තිබේ. එහි වටිනාකම දෙකෝටි දොලොස් ලක්ෂ විසි දෙදහස් හත්සිය අසූහතරක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය. මෙම ව්‍යාපාරිකයාට නිවාස කිහිපයක් ඇති බවද පොලීසියට පෙනී ගොස් ඇත. මෙම සොරකම ගැන පැමිළිලි කරන්න ව්‍යාපාරිකයා මැලිකමක්ද දක්වා තිබේ. ඊට හේතුවී ඇත්තේ ඔහු සන්තකයේ විදෙස් නෝට්ටු විශාල තොගයක් තිබීමය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.