තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 21ක් දැඩිව රත්වෙද්දී දකුණේ මුහුදු රැල්ල ඉහළට

    දිස්ත්‍රික් 21ක් දැඩිව රත්වෙද්දී දකුණේ මුහුදු රැල්ල ඉහළට

    අද දින(03) දිස්ත්‍රික් 9කට ‘වැඩි අවධානයක් යොමුකළ යුතු’ සහ තවත් දිස්ත්‍රික් 12ක් ‘අවධානය යොමුකළ යුුතු’ මට්ටමට අධික උෂ්ණත්වයක් බලපෑ හැකි බවත් ඒ අතරම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3 ක් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

    එමෙන්ම ගොඩබිමට මුහුදු රැල්ල පැමිණීමේ ස්වභාවයක් ද දක්නට හැකිවනු ඇති බැවින් ධීරව සහ නාවික ප්‍රජාවට ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යාඥයෝ පවසති.

    අද දින ගොඩබිම සහ මුහුදු රැල්ල පිළිබඳ අනතුරු ඇඟවීම් සහිත කාලගුණ නිවේදන පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img